සාම්ප්‍රදායික ආණ්ඩු මාරු V8 සංදර්ශනය මෙවරින් සමාප්ත වෙයි.!

2025 ජනවාරි 07 වන දින, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රාජ්‍ය ව්‍යාපාර, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වාහන (V8 ඇතුළු අති සුඛෝපභෝගී වාහන) වෙන්දේසි කිරීමට නියෝග කර ඇති අතර වෙන්දේසියෙන් පසු එම වාහනවල ආදායම් විස්තර 2025 මාර්තු 01 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.

රේගු ආඥා පනතේ (අ) උපලේඛනය යටතේ HS 87.03 ශීර්ෂයට අනුව වර්ගීකරණය වන, එන්ජින් ධාරිතාවය 1800CC ට වැඩි පැට්‍රල් වාහන සහ 2300CC ට වැඩි ඩීසල් වාහන (ඩබල් කැබ්, සින්ගල් කැබ්, වෑන්, බස්, ලොරි, ට්‍රක් යනාදිය ඇතුළත් නොවේ) වෙන්දේසි කිරීමට ඇතුළත් වේ.

රාජ්‍ය ආයතනවල පොදු දේපළ අස්ථානගත වීම, අවභාවිතය වැළැක්වීම සහ රජයේ මුදල් ඵලදායී ලෙස යොදා ගැනීම තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර රාජ්‍ය ආයතනවල වාහන නිසි පරිදි උපයෝජනය කිරීම, ලේඛනගත කිරීම සහ වාර්තා කිරීම ප්‍රධානීන්ගේ අනිවාර්ය වගකීමක් ලෙස දක්වා ඇත.

ආයතනවල ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් වාහනවල අවශ්‍යතාව ඇගයීමෙන් පසු, ආර්ථිකමය වශයෙන් ඵලදායී නොවන හෝ ආයතනයේ භාවිතය සඳහා අවශ්‍ය නොවන වාහන රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය හරහා අපහරණය කිරීමට නියෝග කර ඇත.

ආයතන තුළ භාවිතය සඳහා අවශ්‍ය වාහන ඇත්නම්, එම අවශ්‍යතාව සාධාරණීකරණය කර භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට උපදෙස් ලබාදී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.