ගුටි කෑ ගුණතිලක රිටර්න් එක දෙන්න සැරසෙයි.. මහින්දානන්ද හිරේට.?

ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව ඉකුත් ජුනි 3 වෙනිදා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තත් තවමත් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදීමක් සිදුකළ බවට වාර්තා වූ අතර පහර කෑමෙන් පසු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා යුද හමුදා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් පැය හතරක සැත්කමකටද ලක් කෙරිණි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයකදී සිදුවූ මේ පහර දීම ගැන තමා කලකිරීමෙන් පසුවන බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

කෙසේවෙතත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන් අදාල සිද්ධිය දුටු බවක් පොලිසියට කියා නොමැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහොත් අදාල සිදුවීම හොඳින් දැකබලා ගත හැකි බවත්ය.

තමා පඩි පෙළකින් වැටී අණතුරට ලක්වූ යැයි කරන ප්‍රකාශ පට්ට පල් බොරුවක් බවත් චිත්‍රපටයක දර්ශනයක් සේ තමාට අතින් පයින් පහර දුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close