තවත් දීමනාවක් දෙගුණ කිරීමට ජනපති අවධානය.!

පසුගියදා මුදල් අමාත්‍යාංශය සමග ජනපතිවරයා පැවත්වූ සාකච්ඡාවකදී විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුවී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මීට මාස කිහිපයකට පෙර මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම සදහා යෝජනා ඉදිරිපත් කර තිබූ නමුත් ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි නොවුනි.

වර්තමානය වනවිට රුපියල් 5,000 වන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 7,500 දක්වා ඉහළ නැංවීමට අවධානය යොමු කර ඇත.

කෙසේවෙතත්, දැනට මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම සදහා වාර්ශිකව රුපියල් කෝටි 300ක් පමණ වැය වන අතර ශිෂ්‍යාධාරය 7,500 දක්වා ඉහළ නැංවීමේදී අමතර රුපියල් කෝටි 200ක පමණ මුදලක් වෙන් කිරීමට සිදුව තිබේ.

මහපොළ දීමනා ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් වසරකට සිසුහු දහසය දහසක් පමණ සුදුසුකම් ලබති.

දැනට අවුරුද්දක පමණ කාලයක් අධ්‍යයන කටයුතු කරන පළමු වසර සිසුන්ගේ මහපොළ දීමනා ගෙවීමට අදාළ ලේඛන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මහපොළ භාරකාර අරමුදලට යවා තිබෙන නමුත් මෙතෙක් ගෙවීම් ආරම්භ කර නැත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.