සියලුම ජනතාව ඡන්දය ප්‍රකාශ කරන්න.. කුරුටු ගාන්න එපා.!

ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකල යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සදහන් කරයි.

ඡන්දය භාවිත නොකර සිටීමෙන් හෝ එය කුරුටු ගෑමෙන් වැළකී, ඉදිරි මැතිවරණයේදී තම ඡන්දය ලබා දීමට ඡන්දපොළට පැමිණෙන ලෙසද මහින්ද දේශප්‍රිය ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් සිදු වන්නේ ඇතැම් පාලකයන්ට අවශ්‍ය වන පරිදි ජනතාව පාලනය කිරීමට පෙළඹීම බවද හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සදහන් කරයි.

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සදහන් කළේ,

“ඡන්දය අපේ අයිතියයි. ඡන්දය අපේ බලයයි. ඡන්දය අපේ හඬයි. අපේ ඡන්දය රටේ අනාගතයයි. ඒක නිසා අපි ඇවිල්ලා ඡන්දේ දාන්න ඕනේ. ඒක මතක් කරලා දෙන එක තමයි අපි කරන්නේ.

ඡන්දේ විතරයි අපිට තියෙන්නේ එකම දේ භේදයක් නැතිව නොලැබෙන මරණය ඇරුණාම. ඒක නිසා ඡන්දේ නොදා හිටියාම වෙන්නේ ඡන්ද දාන අයට වුවමනා පාලකයා එනවා පාලනය කර ගැනීමට. ඒ නිසා ඡන්දය කුරුටු ගාන්නවත්, නොදා ඉන්නවත් එපා ඡන්දේ දාන්න එන්න.”

Loading