By unusuma.lk on
(LK time)ලබාදුන් අවි ආයුධ යළිත් රජයට භාර ගැනීම තුළින් මේ වනවිට ජීවිත තර්ජන මතුව ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු මන්ත්රී නීතීඥ සාගර කාරියවසම් සදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට තවදුරටත් ජීවිත තර්ජන තිබෙන බවට පසුගිය මැතිවරණ සමයේ බුද්ධි අංශ විසින් දැනුම් දුන් බවද සාගර කාරියවසම් සදහන් කරයි.
එවැනි තත්ත්වයක් තිබෙන අවස්ථාවක ලබාදුන් අවි ආයුධ යළිත් රජයට භාරගත යුත්තේ නිසි ඇගයීමක් සිදුකරමින් බවත් මේ හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවදානමක පවතින බවද සාගර කාරියවසම් සදහන් කරයි.
රජය විසින් එම අවි ආයුධ නැවත බාරදෙන ලෙස දැනුම් දීම සාධාරණ ක්රමවේදයක් නොවන බවත් එය රජය විසින් සිදුකරන මර්දනකාරී ක්රමවේදයක් බවද සාගර කාරියවසම් සදහන් කරයි.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සාගර කාරියවසම් මේ බව සදහන් කරයි.