By unusuma.lk on
(LK time)වත්මන් රජය විසින් තමන්ට ලබාදී ඇති ආරක්ෂාව අඩු කළද ජනතාව තමන් ආරක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.
එනිසා තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් වැඩි අවධානයක් යොමු නොකරන බවත් තමාට ආරක්ෂාව ලැබුණත් එකයි, නොලැබුණත් එකයි යනුවෙන් හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
දුෂණ චෝදනා සම්බන්ධයෙන් පරණ ෆයිල් සොයනවාට වඩා රටේ ජනතාවට බදු අඩුකර සහන සැලසීමට රජය කටයුතු කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
තම පවුලට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව වත්මන් රජය යම් විමර්ශනයක් සිදු කරන්නේ නම් ඕනෑම අවස්ථාවකදී එම විමර්ශන කටයුතු සදහා සහාය දෙන බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.