By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සදහන් කරයි.
එනිසා යමක් කියනකොට සැලකිල්ලෙන් කියන ලෙසත් වැරදි ප්‍රකාශ හේතුවෙන් සමස්ත සමාජයක් නොමග යන බවත් අපේ රටේ බුද්ධි අංශ ඇතුළේ ඩ්‍රෝන ප්‍රහාරයක් නැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සදහන් කළේ,
“මනෝජ් ගමගේ මහතා කියලා තිබුණා ඩ්‍රෝන ප්‍රහාරයකුත් තියෙනවා කියලා. දැන් පොලිස්පති සූදානම් ඔහුගෙන් ප්‍රශ්න කරන්න. ඩ්‍රෝන ප්‍රහාරයක් ආවත් මහින්ද මහත්තයා වටේ ඉන්න පිරිසත් මදි වෙනවා ඩ්‍රෝන ප්‍රහාරයට මුහුණ දෙන්න.
ඒ තියෙන T56 හරියන්නේ නැහැ ඩ්‍රෝන ප්‍රහාරයට. ඒ නිසා මනෝජ් ගමගේලා යමක් කියනකොට සැලකිල්ලෙන් කියන්න. සමස්ත සමාජයක් තමයි නොමග යන්නේ. අපේ බුද්ධි අංශ ඇතුළේ ඩ්‍රෝන ප්‍රහාරයක් නැහැ.
එයා කියන්න ඕනේ කොහෙන්ද එන්නේ කියලා. යම් තක්සේරුවක් ඇතුළේ තමයි තීරණ ගන්නේ. එසේ නොවේ යැයි කියනවා නම් අපි නැවත සලකා බලන්නම්. මම මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති. මමත් දැන් තනියම ආවේ.”
අද (26) දින BIG FOCUS වැඩසටහනට එක්වෙමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මේ බව සදහන් කරයි.