By unusuma.lk on
(LK time)හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර විස්සක කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියමව සිටියත් ඔහුගේ විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවන බව වාර්තා වේ.
ඒ අනුව වසර 10කට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් 54,000ක් වන වැටුපෙන් 2/3ක ප්‍රමාණයක් වන රුපියල් 36,000ක මුදලක් හිමි වෙයි.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත අනුව දඬුවම් විඳින හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට කිසිදු සඳහනක් නොමැති හෙයින් ඔහුට විශ්‍රාම වැටුප දිගටම ගෙවීමට සිදුවන බවයි.
කෙසේවෙතත් විශ්‍රාම වැටුප නතර කළ යුතු බවට නඩු තීන්දුවේ සඳහන් වී ඇත්නම් එය නතර කිරීමට සිදුවන නමුත් එවැන්නක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.
කෙසේවෙතත් බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර පහකට අඩු හෙයින් ඔහුට විශ්‍රාම වැටුපක් හිමි නොවන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.