By unusuma.lk on
(LK time)තමන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළේය.
ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන (19) වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කර ඇත.
පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.