ජම්පරය ඇදගත් මහින්දානන්ද සහ නලින් වැඩට බහී.!

බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය‍ සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාට ජම්පරය අන්දවා ඇති අතර නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බව වාර්තා වේ.

අද දිනයේදී මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට බන්ධනාගාරය තුළ වැඩ නියම කිරීමට නියමිත අතර බොහෝ විට ඔවුන් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යොදවනු ඇතැයි වාර්තා වේ.

රජයට සිදුවූ රුපියල් මිලියන 53.1ක් පාඩුකිරීමට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය ඊයේ (29) දින ප්‍රකාශයට පත් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments