මහින්දානන්ද සහ නලින්ගේ නඩුව ගැන තීරණයක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාල වලට කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චිට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු මස (25) වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර ඇත.

මෙම නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments