මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන කියන්න මෛත්‍රී මහාධිකරණයට.!

පසුගිය 2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් අද (28) දින කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි සටහන් කර ගත්තේය.

පසුගිය 2008 වසරේ ඔක්තෝබර් (10) වනදා එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණයේ විභාගයට ගැනුණි. 

මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයේ පෙනී සිටි අතර මෙම නඩුවේ පළමු වන සාක්ෂිකරු වන මෛත්‍රිපාල සිරිසේනගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකිරීමෙන් අනතුරුව ඔහු මුදාහැරීමට නියම කෙරුණි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments