මාලිමාව ගෙන ආ ප්‍රබලම නීතිය බලාත්මක වෙයි.!

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කර තිබේ.

එම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. 

අනතුරුව එහි තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව එය පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු මස 01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කරමින් දැනුම්දෙන්නේ මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වන බවයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments