By unusuma.lk on
(LK time)සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කොළඹ – 02 පිහිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හදිසි නිරීක්ෂණයකට එක්වෙමින් පැවසූවේ ඖෂධ ක්ෂේත්රයේ වංචා දූෂණ වලට එරෙහිව කටයුතු කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය කොන්දේසි විරහිතව පෙනී සිටින බවයි.
එමෙන්ම අමාත්‍යාංශය හෝ රජය ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවද අමාත්‍යවරයා සහතික විය.
ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට පත්ව ඇති ඖෂධ ක්ෂේත්රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලුම සේවකයින් ධෛර්මත් කිරිමට වැඩපිළිවලක් සකස් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි පස් වසර ජාතික අවශ්‍යතාවයට අනුව සැළසුම්, ඉලක්ක සහ මනා ඉදිරි දැක්මකින් යුතුව ප්‍රධාන අංශ කිහිපයක් මුලික කර මෙහෙයවීමට සහ විධිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.