කඩුවක් රැගෙන ජනපති හමුවෙන්න පැමිණි අයෙකු අත්අඩංගුවට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට අවශ්‍ය බව පවසමින් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පිළියන්දල තුම්බෝබෝවිල ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයෙකු බව පැවසේ.

අදාළ පුද්ගලයා අද (26) උදෑසන ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට කලාකාරීව හැසිරී ඇති අතර පසුව අවට පිරිස ඔහු පාලනය කිරීමට උත්සාහා කිරීමේදී උරණ වී අසවල නවතා තිබූ ලොරි රථයකට නැග තමා ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා හමු වීමට පැමිණි බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් තර්ජනය කර තිබේ.

පසුව අසල්වාසීන් විසින් මේ බව පිළියන්දල පොලිසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ උපක්‍රමිකව එම ඖද්ගලයා පාලනය කර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් එම පුද්ගලයා යම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.