By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත් කර ඇත.
මෙම පත්වීම පසුගිය (20) වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින විජේරාමයේ පිහිටි මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී නීතිඥ මනෝජ් ගමගේ වෙත භාරදී ඇත.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට ISIS ත්‍රස්තයින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් බුද්ධි තොරතුරක් ලැබී ඇතැයි නීතිඥ මනෝජ් ගමගේ පසුගියදා හෙළිදරව්වක් කළේය.
කෙසේ වෙතත් නීතිඥ මනෝජ් ගමගේගෙන් එම තොරතුර ලැබුණ ආකාරය සම්බන්ධව ප්‍රශ්න කිරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල සදහන් කළේය.