By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ලත් කාර්යාංශයේ ගාල්ල පිහිටි දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ බිම් මහලත් යොදා ගනිමින් සිදුකර ලබා ඇති බව කියන ඊශ්‍රායලය සහ දකුණු කොරියාව මුල්කරගත් මිනිස් ජාවාරමක් පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ආරම්භකර ඇත.
හිටපු අමාත්‍යවරයාගේ සමබන්ධීකරන ලේකම්වරයෙකුව සිටි භාග්‍ය කාරියවසම් නැමති පුද්ගලයා විසින් ඊශ්‍රායල් රැකියා සහ දකුණු කොරියානු රැකියා ලබාදෙන බව කියමින් අයථා ලෙස මුදල් ඉපයූ බවට ලැබී ඇති තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති බව පැවසේ.
එම පුද්ගලයා සහ එම ජාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුත් මේවන විට අතුරුදහන්ව සිටිනා බවද වාර්තා වන අතර ගාල්ලේ පිහිටි එම කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ බිම් මහල භාවිතා කරමින් සිටි තිසර නානායක්කාර නම් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරාද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ අයෙකු බව වාර්තා වේ.
හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරන ලේකම් වරයෙකුව සිටි දේශප්‍රිය ලියනගේ නැමැත්තාද මෙම මිනිස් ජාවාරමට සම්බන්ධව සිටි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග පවසයි.
මිනුම් කටයුතුවලින් පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් පවතින බවද දැනගන්නට ඇත.
News Source – Dinamina