ණය අරන් සියල්ල විකුණා දැමීම ඕනෑම කෙනෙකුට කළ හැකියි.. රනිල් කරන දේ සරල ක්‍රියාවක්.!

මුදල් අමාත්‍යංශයේ දත්ත වාර්තා අනුව 2024 මාර්තු මාසය අවසානයේ ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100.2 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමගි ජන බලවේග පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සදහන් කරයි.

පසුගියදා සුබ ආරංචියක් බව පවසමින් රජය විසින් ප්‍රතිව්‍යුහගත කර ඇත්තේ සමස්ත විදේශ ණය වලින් 23.3%ක පමණ ප්‍රමාණයක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සදහන් කරයි.

අදාළ ගිවිසුම් ප්‍රකාරව රටට හිමි වන ණය සහනය කුමක්ද.? එම ප්‍රමාණය කොපමණද.? ගෙවීමට එකඟ වූ ක්‍රියාවලිය කෙබඳුද.? දැනට නොගෙවූ වාරික සඳහා කුමක් කරන්නේද.? රටට දැඩි බරක් වන වාණිජ ණය වල තත්වය කුමක්ද.? කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට පවා හෙළිදරව් කර නොමැති බවද සදහන් කරයි.

එවන් පසුබිමක ජුලි (02) හෝ (03) වැනිදා පාර්ලිමේන්තු අනුමැතිය ලබාදිය යුත්තේ රටට ඉතා අහිතකර හා රහස් ගණුදෙනුවකට වීම හුදෙක් දේශපාලන ගැටයක් පමණක් බවත් ණයට කමින් බොමින්, තමා සතු සියල්ල විකුණා දැමීම ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක් බවත් එහි අවසානය ඉතා භයානක බවද සදහන් කරයි.

අදාළ යෝජනාවලියේ සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් ආදායම මිස අමෙරිකානු ඩොලර් ආදායම නොවන බවත් අද වන විට රුපියල් ආදායම ඉහළ නංවා ඇත්තේ සාමාන්‍ය ජනතාව මිරිකාගෙන බවත් රටවැසියා කනබොන දෙයින්, බේත් හේත් වලින්, ජල හා විදුලි බිල් වලින් මෙන්ම උපයා ගන්නා වැටුපෙන් රටට අසාමාන්‍ය රුපියල් ප්‍රමාණයක් ලබා දෙන බවද සදහන් කරයි.

ආර්ථික බංකොලොත් භාවයට පත් ආජන්ටිනාව ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් 50% ඉක්මවූ සහන ලබා ගනිද්දී, ඝානාව 37%ක සහන ලබා ගනිද්දී මේ ආණ්ඩුව සිදු කරන්නේ පුද්ගලයකුගේ මැතිවරණ අපේක්ෂකත්වය මත රටේ අනාගතය බිල්ලට දී දේශපාලන වාසියක් ලබා ගැනීම බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජාජබ සාමාජිකයන් කියන පරිදි වචන වලින් තොරන් ගැසීමෙන් හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිදි බදු වැඩි කර, රට විකුණා මෙම ආර්ථික අභියෝගය ජය ගැනීමට නොහැකි බවත් මෙම විශාල ණය මුදල ගෙවා දැමීම මෙන්ම ජනතාව ණය උගුලෙන් මුදවා ගැනීම යන කරුණු දෙකම පාලකයා හමුවේ ඇති සුවිශාල වගකීමක් බවද සදහන් කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close