By unusuma.lk on
(LK time)මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වු උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළේය.
කෙසේ වෙතත් රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර හටගත් ගැටුම තවදුරටත් පැවති බැවින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය සඳහන් කරයි.
තවද මෙම හදිසි තත්ත්වය පාලනය කිරීම සදහා විශේෂ කාර්ය බලකාය ද කැඳවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
පොලීසිය සඳහන් කළේ, බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන තුන්දෙනෙකු වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙන යෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි.