By unusuma.lk on [last-modified] (LK time)
ඊයේ (03) දිනයේ සිට සතියක කාලයක් ගව මස්, එළු මස්, ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම මන්නාරම දිස්ත්‍රික්කය තුළ තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස සඳහන් කරයි.
පැවති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවු ආපදාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගිය අතර එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.
ගංවතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හා ප්‍රවාහනය කිරීම සිදු වන්නේ දැයි දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් සිටින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.
යම් තොරතුරක් ඇත්නම් සිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වන ලෙසත් එසේ නොහැකි වන අවස්ථාවල පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ක්ෂණික දුරකතන අංකය “1926” දැනුවත් කරන ලෙසද සභාපතිවරයා ඉල්ලීමක් කරයි.






