ආරක්ෂිත ඖෂධ තොගයක්.!

මාස 06ට ප්‍රමාණවත් වන පරිදි ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය ආමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කරයි.

ටෙන්ඩර් අවලංගු වීම් හා තත්ත්ව පරීක්ෂණවලින් ඖෂධ තොග ප්‍රතික්ෂේප වැනි කරුණු හේතුවෙන් මෙරට තුළ සිදුවන ඖෂධ හිගය වළක්වා ගැනීම සඳහා එම පියවර ගන්නා බවද නියෝජ්‍ය ආමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කරයි.

මෙවැනි ආරක්ෂක ඖෂධ තොගයක් පවත්වාගෙන යාමෙන් වීවෘත වෙළෙඳපොළෙන් ඖෂධ මිලදී ගැනීමට වැයවන අතිරේක මුදල අවම කර ගැනීමට හැකිවන බවද නියෝජ්‍ය ආමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කරයි.

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, මැලේසියාව අමෙරිකාව වැනි රටවල්වල රජයන් සමග සාකච්ඡා කර සෘජුව එම ඖෂධ මෙරටට ආනයනය කිරීමට නියමිත බවද නියෝජ්‍ය ආමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කරයි.

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments