
මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර සිටියේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 03වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙසයි.
හිටපු අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව අද (24) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මෙලෙස නියෝග කර ඇත.