කෘතිම බුද්ධිය මයික්‍රසොෆ්ට්හි බුද්ධිමතුන් 6000ක් දොට්ට දමයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බවයි.

මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් එය නිල වශයෙන් නිවේදනය කළේය.

සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර 2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙය වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments