By unusuma.lk on
(LK time)සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මෙරට මාධ්‍යවේදීන් විවිධ වකවානුවල, විවිධ පාලන තන්ත්රයන්ගේ පළිගැනිමට හා තර්ජනයට හා හිංසනයට ලක් වූ කළු අතීතය වැනි තත්ත්වයක් නැවත මේ රට තුළ නිර්මාණය වීමට කිසිසේත් ඉඩ නොතබන බවයි.
පසුගිය කාලයේ පුරා පැවති ආණ්ඩු කිහිපයක් තුළ පීඩාවට පත් සියළු මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්ති හා සාධාරණය ඉටු කිරීමටත් එකී අකටයුතුකම් සිදු කළ චූදිතයින් නීතිය ඉදිරියට ගෙන ඒමට පසුබට නොවන බවත් ආණ්ඩුවේ මාධ්‍ය සම්බන්ධ ප්‍රතිපත්තිය පිළිබඳ ඇතැමුන් ඉදිරිපත් කරන විවේචනාත්මක කරුණු බලය ගිළිහුණු අයගේ උමතු ප්‍රකාශ බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.
රාජපක්ෂ රජයේ දූෂණය හා භීෂණය පිළිබඳව රටට සත්‍ය තොරතුරු හෙළි කළ මාධ්‍යවේදීන්ට අත්වූ ඉරණම සිහිපත් කරන අමාත්‍යවරයා, ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී, ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු තවත් පිරිසක් අතුරුදන් කිරීම වැනි සිදුවිම් සිය නිවේදනයෙන් සිහිපත් කරයි.
කීත් නොයාර්, උපාලී තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, සනත් බාලසූරිය ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකට පහර කෑමට සිදු වූ අතර ජිවිතාරක්ෂාව පතා ඇතැමුන්ට රටින් පළා යැමට සිදු වූ බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් සදහන් කරයි.
මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම්, සීල් තැබීම්, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගැනීම්, මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම් මෙන්ම බෝම්ම ගැසීම් රාජපක්ෂ අවිචාර පාලන සමයේ සුලබ සිදුවිම් බවත් පසුගිය 2006 සිට 2015 ජනවාරි දක්වා මාධ්‍යවේදීන් 13ක් ඝාතනය වූ බවද අමාත්‍යවරයා සදහන් කරයි.
මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අතුරුදන්විමත් 87 දෙනෙකු පහරකෑමට ලක්වීමත් පුද්ගලික මාධ්‍ය ආයතන හතරකට අවස්ථා පහකදී පහර දීමත් ඒ පිළිබඳව සාක්ෂි විනාශ කිරීමත්, පීඩාවට පත් සියළු දෙනාට යුක්තිය හා සාධාරණය ඉටු කිරිමටත් එම අකටයුතුකම් කළ චූදතයින් නීතිය ඉදිරියට ගෙන ඒමට සියළු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.