By unusuma.lk on
(LK time)පොදු නීති රාමුවක් ඇතුළත් කෙටුම්පතක් රාජ්‍ය ව්‍යාපාර සඳහා සකස් කිරීම ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට ආර්ථිකයට ඵලදායි සහ ගුණාත්මක ආකාරයෙන් සම්බන්ධ වීමට රාජ්‍ය ව්‍යාපාරවලට අවස්ථාව සලසා දීම, එහි අරමුණ බව මුදල් නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.
නව කෙටුම්පතේ අඩංගු රෙගුලාසි හරහා ලාභ ඉපයීමට මෙන්ම ජනතාවට සාධාරණ අයුරින් භාණ්ඩ හා සේවා ලබාදීමට අවස්ථාව උදාවන බවද නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.