By unusuma.lk on
(LK time)ධීවර අමාත්‍යංශය නිසි කලට බිල්පත් නොගෙවීම නිසා කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් කෝටි 24කට ආසන්න මුදලක් ප්‍රමාද පොලී ගාස්තු ලෙස ගෙවා ඇතැයි ව්‍යාපෘති කීපයක විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.
ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘති පහක් සදහා ගෙවීම් ප්‍රමාද කිරීම් වෙනුවෙන් මෙම අමතර වැයබර දරා ඇති අතර විගණන වාර්තාවේ සඳහන් වන පරිදි ධීවර වරායන් ඉදිකිරීමේ කොන්ත්‍රාත් පහක් අවසන් කිරීමට කොන්ත්‍රාත්කරුවන් දෙදෙනකුට පවරා ඇත.
එහෙත් පසුගිය 2023 දෙසැම්බර් (31) වන විට ඔවුනට ගෙවිය යුතු බිල්පත් නිසි පරිදි නොගෙවීම නිසා ප්‍රමාද පොලිය ලෙස රුපියල් 23,01,87,523ක් ගෙවීමට සිදුව ඇත.
මීට අමතරව පසුගිය 2021 වසරේ වැඩ අවසන් කිරීමට නියමිත වූ රැකව නැංගුරම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් වැට් බදු රහිතව ගෙවිය යුතුව තිබුණේ රුපියල් 311,482,215කි.
එහෙත් එම ව්‍යාපෘතියේ වැඩ නිමකිරීම දිගින් දිගටම දීර්ඝ කිරීම නිසා කොන්ත්‍රාත්කරුට රුපියල් ලක්ෂ 38 කට අධික මුදලක් ප්‍රමාද පොලී ලෙස ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.