By unusuma.lk on [last-modified] (LK time)
මියන්මාර රජයේ දූත පිරිසක් සමග ඊයේ (06) රාත්‍රියේ ආධාර රැගත් එරට හමුදාවේ ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් මෙම ගුවන් යානය සහ දූත පිරිස දිවයිනට පැමිණ ඇත.
සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද විශාල ප්‍රමාණයක් මෙම ආධාර තොගය තුල ඇතුළත් බව වාර්තා වෙයි.
මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික්, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් zසෝ ෆියෝ වින් ඇතුළු එරට රජයේ නියෝජිත නියෝතවරියන් රැසක් එක්ව සිටිහය.
එමෙන්ම මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්යක්ෂ ජනරාල් සැලසුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.






