By unusuma.lk on
(LK time)රට තුළ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කරයි.
මුදල් නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සදහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 %ක් පමණ වැය වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සදහන් කරයි.
මුදල් නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බවත් ඒ අනුව රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණයට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
GOVPAY (ගවුපේ) යෙදවුම හරහා ඒ සදහා පහසුකම් සලසා ඇති අතර ඊට රාජ්‍ය ආයතන 16ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බවත් ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතනද එම යෙදවුම හා සම්බන්ධ කිරීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
මීට අමතරව මිනිස් ශ්‍රමය අවම වීම, අක්‍රමිකතා හා දූෂණ ක්‍රියා තුරන්ව යාම මෙන්ම ජනතාවට වඩාත් පහසු සේවාවක් සලසා ගැනීමටද ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයෙන් හැකියාව ලැබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.