By unusuma.lk on
(LK time)රිළා හානිය පාලනය කිරීම සදහා පැවැත් වූ ග්‍රාමීය මට්ටමේ යෝජනා ලබා ගැනීමේ වැඩසටහන්වලදී 80%කට වඩා ජනතාව යෝජනා කර ඇත්තේ වැඩි සතුන් විනාශ කිරීම බව ගම්පොළ උඩ පළාත හා දොළුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලදී හෙළිවෙයි.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆස්මින් ශරීෆ්ගේ සභාපතිත්වයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා දයාරත්න හා උඩ පළාත සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එම්.සී.ඒ. හේරත්ගේ සහභාගිත්වයෙන් මෙම කමිටු රැස්වී ඇත.
මෙම රැස්වීම්වලදී වන සත්ව හානි සහ ජනතාව විඳින පීඩා පිළිබඳව විශේෂ අවධානය යොමු කළ අතර සභාපතිවරයා සදහන් කළේ, ගොවීන්ගේ වගා හා ජනතාවගේ නිවාස බේරා ගැනීමට නම් ශීඝ්‍රයෙන් පැතිරෙන රිළා, වඳුරු ගැටලු විසඳීමට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතු බවයි.
මේ අතර කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්තගේ දැනුම්දීම අනුව මෙම සියලු වාර්තා එළඹෙන ජනවාරි සම්බන්ධීකරණ කමිටුවට පෙර ඉල්ලා ඇත.