By unusuma.lk on
(LK time)
පසුගියදා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවට විරෝධය පළකරමින් මොරටුව ප්‍රදේශයේ බස් රථයක් එහි සිටි මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලීසිය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ බස් සංගම් නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ
එම බස් හිමිකරුට සිදුකළ අසාධාරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේය.!