By unusuma.lk on
(LK time)යුක්රේනය රුසියාවේ මොස්කව් අගනුවර ගුවන් තොටුපල දෙකක ගුවන් ගමන් අඩාල කරමින් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.
රුසියාවේ මොස්කව් දෙසට උදෑසන 7ත් 10ත් අතර ඩ්‍රෝන යානා 34ක් දියත් කළ බවත් එම ඩ්‍රෝන යානා සියල්ල රුසියාවේ ගුවන් ආරක්ෂක විසින් වෙඩි තබා විනාශ කළ බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.
එම ඩ්‍රෝන යානා වලට මොස්කව් ප්‍රදේශයේ රාමෙන්ස්කෝයි, කොලොම්නා සහ ඩොමොඩෙඩෝවෝ යන ප්‍රදේශවලට ඉහළින් වෙඩි තබා බිම හෙලූ බව මොස්කව් කලාපයේ ආණ්ඩුකාර Andrey Vorobyov සදහන් කරයි.
ඩ්‍රෝන යානා කඩා වැටීම නිසා රමෙන්ස්කෝයි හි නිවාස දෙකක් ගිනි ගැනීමට ලක්ව ඇති බවත් 52 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කළ බවත් ඇගේ පිළිස්සුම් තුවල හේතුවෙන් මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ සිටින බවද ආණ්ඩුකාරවරයා සදහන් කරයි.