By unusuma.lk on
(LK time)අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතක් කඩිනමින් සම්මත කිරීමට කටයුතු කරන බවයි.
ජාතික ජන බලවේගයේ නැගෙනහිර අනුරාධපුර මහජන සම්බන්ධීකාරක කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම කාර්යාලය මගින් ප්‍රදේශවාසීන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට පහසුකම් සලසන බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු රජයේ නිවාසයක් භාවිතා නොකරන බවයි.
” හිටපු ඇමතිවරු නිවාස බාරදීලා තියනවා, අපේ ඇමතිවරු කිසිවෙක් නිවාස ඉල්ලලා නෑ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර තියන දිනවල නවතින්න මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවසක් දෙනවා, ඇමතිවරයා විදියට මට V8 වාහන තුනක් ලැබෙනවා.
නමුත් ඒ කිසිවක් මම පාවිච්චි කරන්නේ නෑ. වැටුප මන්ත්‍රීවරුන්ට හිමි දෙයක් හැබැයි විශ්‍රාම වැටුප නම් අනිවාර්යෙන්ම අහෝසි කරනවා” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය. මේ අතර පාරිභෝගිකයා සූරා කෑමෙන් තොරව ව්‍යාපාර කිරීමේ සංස්කෘතියක් මෙරට ඇති වී යුතු බව ද අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.