By unusuma.lk on
(LK time)සිය මව සහ අනියම් පෙම්වතා අතර ඇතිවූ බහින්බස්වීමකට මැදිහත් වී පිහි ප්‍රහාරයකට ලක්වීමෙන්ය 13 හැවිරිදි දැරියකට දිවි අහිමිවීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ පිළියන්දළ බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහි කුලී පදනම මත පදිංචිව සිටි දැරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ පිළියන්දල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බී.එම්. ඔෂාදී කෞශල්‍යා නමැති දැරියයි.
ඔෂාදී ඊයේ (26) දහවල් 1ට පමණ සිය මව සහ 15 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සමග නිවසෙහි සිට ඇති අතර එම අවස්ථාවේ අදාළ කාන්තාව සමීප ඇසුරක් පවත්වන ඇය සේවය කරන ආයතනයේම සේවය කරන අයෙකු නිවසට පැමිණ තිබේ.
එලෙස පැමිණි පුද්ගලයා නිවසේ සිටි කාන්තාවට වෙනත් පුද්ගලයෙකු සමගද ඇසුරක් පවත්වන බවට චෝදනා කරමින් කාන්තාවට පිහි පහර කිහිපයක් එල්ල කර ඇති අතර මවට පිහිපහර එල්ලවෙද්දී දියණියන් දෙදෙනා එය වැළැක්වීමට මැදිහත්ව තිබේ.
එහිදී සැකකරු ඔවුන්ටද පිහි ප්‍රහාර එල්ලකර ඇති අතර පසුව ගෙල වැළලාගෙන සියදිවි හානි කරගැනීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ ඊට යොදාගත් ලණුව කැඩීයාම හේතුවෙන්.
අනතුරුව තමා පොලීසියට භාරවෙන බව පවසා ඔහු නිවසින් පිටව ගොස් ඇති අතර තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා රෝහල්ගත කර ඇත්තේ ද මව සේවය කළ ආයතනයේම සේවකයෙකු විසින්ය.
එලෙස වේරහැර හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවූ 13 හැවිරිදි ඔෂාදී කෞශල්‍යා මියගොස් ඇත.
පොලීසියට භාරවන බව පවසා පලාගිය සැකකරු මේ වනවිට අතුරුදහන් වී ඇති අතර ඔහු සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් අරඹා තිබේ.
මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු කලකට පෙර මහඔය ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට අදාළවද සැකකරුවෙකු ලෙස නම්කර සිටින අයෙක් බවයි.