හිස් වූ CID අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තා නිලධාරිනියක්.?

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස වැඩ භාරගත් රවී සෙනෙවිරත්න මහතා විසින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු අදාළ ආයතන ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා පත්කිරීමටයි යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

2007 වසරේ නොවැ­ම්බර් 03 වනදා ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පොලිස් සේව­යට එක්වූ මුතුමාලගේ මහත්මිය පොලිස් ඉති­හා­සයේ ප්‍රථම ආධු­නික කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් තිදෙනා අත­ර සිටී.

ඇය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී උපා­ධියක් (BSc) සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­වේදී (LLB) උපා­ධියක් සහිත නිලධාරිනියකි.

ඒ සඳහා මුතුමාලගේ මහත්මිය පත්වුවහොත් ඇය ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එම තනතුරට පත්වන පළමු කාන්තාව ලෙස ඉතිහාස ගත වනු ඇත

මුතුමාලගේ මහත්මිය මිට පෙරද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශයේ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙසද කටයුතු කර ඇත.

ඉන් පසුව 2021 වසරේ ජූනි මාස­යේ­දී ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස පත්කර තිබෙනවා.

Loading