By unusuma.lk on
(LK time)මෙතෙක් රුපියල් මිලියන 28,000කට ආසන්න පාඩුවක් වී අලෙවි මණ්ඩලය ලබා ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සදහන් කරයි.
පසුගිය 2021 වසරේ සිට වී අලෙවි මණ්ඩලය අවසන් ගිණුම් සකස් කර නැති බවත් ඒවා නිසි ලෙස සකස් කළේ නම් එම කාලය තුළ තවත් විශාල පාඩුවක් ලබා ඇති බව අනාවරණය වනු ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
වී අලෙවි මණ්ඩලය සකසා ඇති ගිණුම් වාර්තා අනුව පසුගිය 2015 සිට 2020 දක්වා වසර පහක කාලය තුළ රුපියල් මිලියන 11,305ක පාඩුවක් ලබා ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
ගොවියා ආරක්ෂා කිරීමට වැඩි මිලට වී මිලදී ගැනීමත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අඩු මිලට හාල් සැපයීමත් කියන ඒකිනෙකට පරස් පර අරමුණු දෙකක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදී නිසි කළමනාකාරිත්වයක් නොමැති වීමෙන් මණ්ඩලය පාඩු ලැබීම අනිවාර්ය කාරණයක් වී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
කිලෝවට රුපියල් 130ක් වියදම් කරමින් ගබඩා කර තිබූ වී තොග පසුගිය වසරේදී කිලෝව රුපියල් 80 බැගින් විකිණීමෙන් කිලෝවකින් රජයට රුපියල් 50ක පාඩුවක්ද තවත් අවස්ථාවක රුපියල් 50ට මිලදී ගත් වී කිලෝව රුපියල් 24ට අලෙවි කිරීමෙන් කිලෝවකින් රුපියල් 26ක පාඩුවක් වී තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
පසුගිය කාලය තුළ වැඩිම අලාභයක් ලබා තිබෙන්නේ 2016 වසරේදී වන අතර එය රුපියල් මිලියන 5894.29ක් බවත් මෙම තත්ත්වය වෙනස් කරන බවත් මෙවර මහ කන්නයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කටයුතු සැලසුම් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.