මේවට ගෙනල්ලා බය කරලා අපේ කටවල් වහන්න බැරි බවත් ඒ හින්දා අපි කට වහගෙන ඉන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
අපේ අත්වල ලේ නැති බවත් අපි වැරදි කරලා නැති බවත් අපි අදටත් මේ රටේ අධිකරණ පද්ධතිය විශ්වාස කරන බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“අපි ආණ්ඩුවට කියන්නේ, ඔබේ නොහැකියාව වහගන්න අපිව මේවට ගෙනැල්ලා වැඩක් වෙන්නේ නෑ. අපි එනවා. එන්න කියන ඕනෑම වෙලාවක මම, අම්මා, තාත්තා අර පවුම් 90 මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම්.
හැබැයි, ඔබ ජනතාවට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න. මේවට ගෙනල්ලා බය කරලා නම් අපේ කටවල් වහන්න බෑ. ඒ හින්දා පාරට ඇදලා දාපු දේශපාලනයේ අපි කටවහගෙන නම් ඉන්නේ නෑ.
ආණ්ඩුව හිතනවා නම් මේවට ගෙනල්ලා ආණ්ඩුව රටේ ප්‍රසිද්ධ වෙයි කියලා, මම නෙමෙයි අපෙ අම්මා නෙමෙයි කවුරු ගෙන්නුවත් ආණ්ඩුවට දෙන්න තියෙන මේක තමයි උත්තරේ.”
“අදත් මම කියනවා, හෙටත් මම කියනවා අපේ අත්වල ලේ නෑ. අපි වැරදි කරලා නෑ. අපි අදටත් මේ රටේ අධිකරණ පද්ධතිය විශ්වාස කරනවා. ආණ්ඩුව උපරිම උත්සාහ කරනවා අධිකරණ පද්ධතිය තමන්ගේ දේශපාලන ග්‍රහනයට ලක් කරගන්න.”

