ආගම දහම ගැන කතා කරන නාමල් දළදා මාලිගාව ඉදිරිපිට රේස් පැද්දා.!

රටේ ආගම දහම ගැන කතා කරන නාමල් රාජපක්ෂ දළදා මාලිගාව ඉදිරිපිට රේස් පැද්ද බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජය­සිංහ අද (22) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

කටුනායක සේවිකාවක් ගෙනැල්ලා අරලියහ මන්දිරේ තියාගෙන, මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදලින් ලක්ෂ ගණන් පඩි ගෙවලා තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජය­සිංහ සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජය­සිංහ සඳහන් කළේ,

“මම දැක්කා නාමල් මහත්තයා. හිටියනම් හොදයි. එයත් මං දැක්කා එක එක කතා කියනවා. මගෙ අම්මේ ආගම ගැන තියෙන භක්තිය. මේ කවුද.? දළදා මාලිගාව ඉදිරිපිට රේස් පැදපු මහත්තුරු.

අපෙ ගෞරවනීය ස්වාමීන්වහන්සේලා පහළ අසුන්වල වාඩිවෙලා ඉන්දැද්දි සිංහාසන වගේ අසුන්වල වාඩිවෙලා හිටපු තාත්තලා, බාප්පොච්චිලා එහෙම වාඩිවෙලා ඉදගෙන ආගමට අගෟරව කරපු මහත්තුරු.

අද එනවා අපිට ආගම දහම ගැන කියලා දෙන්න. මේක ඇතුලේ ආගම විනාශ වෙනවලු. මේක ඇතුලේ රටේ සංස්කෘතිය විනාශ වෙනවලු. කවුද මේ.?

අර කටුනායක සේවිකාවක් ගෙනැල්ලා අරලියහ මන්දිරේ තියාගෙන. මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදලින් ලක්ෂ ගණන් පඩි ගෙවලා. මේ අසභ්‍යකරණය ගැන අපිට කියා දෙන්න එනවා.

වැදි බණ කියනවා. එනිසා අපි කියන්න ඕන කම තිබෙනවා, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අපි ගෙනැල්ලා තිබෙන්නේ රටේ දරුවන්ට අලුත් ලෝකයක් හදන්න. ඒ ලෝකය හදන වැඩේ අපි අත්හරින්නේ නෑ.”

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments