ප්‍රාදේශීය සභා මැතිවරණය වනවිට තම දේශපාලන බලවේගය ඉතා ශක්තිමත් ලෙස ගොඩනැගුණ බවත් විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් රටේ දරුවන්ගේ මනස විකෘති කරන සහ රටේ සංස්කෘතියට නොගැලපෙන කරුණු විෂය නිර්දේශයට ඇතුළත් කිරීම නිසා ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
තමන්ව හෝ තමන්ගේ අම්මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආවත් එසේත් නැතිනම් හිරගෙදරට දැම්මත් ආණ්ඩුවේ මහා පරිමාණ වංචා කිසිසේත් යටපත් කළ නොහැකි බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“මාව, අපේ අම්මාව ඉතින් සීඅයිඩීයට ගෙනාවත් හිරගෙදර දැම්මත්, ආණ්ඩුවේ ගල් අගුරු වංචාව, මේ රටේ ආගමට දහමට සංස්කෘතියට, හෙළ සංස්කෘතියට කරන විනාශය, මහා සංඝරත්නයට සහ ආගමික නායකයන්ට කරන අසාධාරණය, කුඩු කන්ටේනර් පන්නපු එක, ආපදාවට ලක් වෙච්ච අසරණ ලක් වෙලා ඉන්න ජනතාව රවට්ටන්න බොරු චෙක් දීලා ඒ චෙක්වල මුදල් නැතිව ආයේ ඇවිල්ලා. ඕවා වහගන්න බෑ. වහගන්න පුලුවන් කියලා හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ.”

