නාමල් වැරදි ඔට්ටුවක් දැමූ හැඩ.. මන්ත්‍රීකමත් විසිවෙන ලකුණු.!

පසුගියදා පාර්ලිමේන්තුවේ සිය අධ්‍යාපණ සුදුසුකම් සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයකට අභියෝග කරමින් නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ තමා යම්කිසි අක්‍රමිකතාවක් සිදුකර තිබෙනා බව්ට ඔප්පු කළහොත් සිම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

එම ප්‍රකාශයට පිළිතුරු දක්වමින් 2020 වසරේ නාමල් රාජපක්ෂ මහතා සමඟ එම නීති විභාගයට පෙනී සිටි තුෂාර ජයරත්න මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේදී නීති විභාගයට පෙනී සිටියේ වංචා සහගත ලෙස බවයි.

මේ වනවිට විදේශගතව දේශපාලන රැකවරණය යටතේ ජීවත්වන ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ පැමිණිල්ල සඳහා සාක්ෂිකරුවකු ලෙස කටයුතු කිරීමට තමන් නුදුරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

එම විභාග අක්‍රමකිතාව සම්බන්ධයෙන් ඇමති වසන්ත සමරසිංහ මහතාට අදාළ තොරතුරු ලබා දුන්නේද තමන් බවත් එම තොරතුරු සියල්ල සත්‍ය බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් පසුගිය ආණ්ඩු වලදී අදාල ආයතන වෙත පැමිණිලි රැසක් කර ඇතත් ඒවා සැලකිල්ලට ලක් නොවූ බවද හෙතෙම පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.