By unusuma.lk on
(LK time)මරදාන පොලිස් වසමේ පිහිටි නෙළුම් කුලුනේ 29 මහලේ සිට 03 වන මහලට පැන සියදිවි හානිකරගත් 16 හැවිරිදි පාසල් සිසුවිය පිළිබඳව පොලීසිය තොරතුරු හෙළිදරව් කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ සිසුවියක් වන අතර ඇය කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් බව පොලීසිය සදහන් කරයි.
මෙම පාසල් සිසුවිය පාසල නිම වීමෙන් පසුව නෙළුම් කුලුණ වෙත ගොස් 29 වන මහලෙන් පැන සිය දිවි හානි කරගෙන ඇති බවත් පාසල් නිල ඇඳුම දැමූ පාසල් බෑගය නෙළුම් කුලුනේ නැරඹුම් ස්ථාන කොටසේ තිබී හමුවු බවද පොලීසිය සදහන් කරයි.
සියදිවි හානිකරගත් පාසල් සිසුවිය පසුගිය ජූලි (02) වනදා කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පැන සියදිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් බවද පොලිසිය සදහන් කරයි.
එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවයි ඇයගේ පියා විසින් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සදහන් කර ඇති අතර ඔවුන් තිදෙනා කොළඹ 07 පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා ඇති බවද සදහන් කරයි.
සිය මිතුරියත් මිතුරාත් සියදිවි හානිකරගෙන මාස තුනකට පමණ පසුව මෙම පාසල් සිසුවිය සියදිවි හානිකරගෙන ඇත්තේ සිය මිතුරියත් මිතුරාත් සියදිවි හානිකරගත් ආකාරයටම බව සිදුකළ විමර්ශනවලින් පෙනී ගොස් ඇත.