By unusuma.lk on
(LK time)විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඇය, දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්.
විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරන ලද එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 වන දිනෙන් අවසන් වී තිබෙනවා.
ඒ අනුව පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය්වරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවුණා.