සියළු රාජ්‍ය ආයතනවලට විශේෂ දැනුම්දීමක්.!

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙන්නේ, නව වසරේ රාජකාරී ආරම්භ කරන හෙට (01) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල නිල උත්සවයක් පවත්වන ලෙසයි.

අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ.

එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සදහන් වෙන්නේ, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන සමග නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිළධාරීන් කටයුතු කළයුතු බවයි.

හෙට (01) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදුකිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සමස්ත රාජ්‍ය සේවයේ නියුතු පිරිසගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන කාර්යයට සමගාමීව සිය සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදුකළ යුතු බව එම අමාත්‍යංශ චක්‍රලේකයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය සියලු රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාලිකා මගින් විකාශනය කිරීමට කටයුතු සලසා ඇති අතර ඒ අනුව සියලු රාජ්‍ය සේවකයින් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව කියවිම සඳහා සජීවීව සම්බන්ධ විය යුතු බවද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සිය චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.