ඔබේ නිවසට පැමිණෙන නිලධාරියාට තොරතුරු ලබාදෙන්න.!

“ජන හා නිවාස සංගණනය, කොළඹ දිස්ත්‍රික් ලේකම්, ප්‍රසන්න ගිණිගේ, නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු, පෞද්ගලික තොරතුරු”

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති බැවින්, නිවසට පැමිණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ මහතා ඉල්ලීමක් කරයි.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන සහ නිල හැඳුනුම්පතක් සහිතව පැමිණෙන නිලධාරියාට සහාය වන ලෙසද ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

“ඔබ නිවසේ නොමැති නම්, යම් දුරකථන අංකයක් ඒ නිලධාරීන්ට ලබාදීමට සලස්වා, ඔබ නිවසේ සිටින අවස්ථාවක් ඔවුන් වෙත දැනුම්දෙන්න. විස්තර ලබාගැනීමේදී, ඔබ විසින් ලබාදෙන අදාළ පෞද්ගලික තොරතුරු වෙනත් බාහිර පාර්ශ්වයකට අතට පත් නොවීමට අපි වගබලා ගන්නා බවත් සඳහන් කරන්න අවශ්‍යයි.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.