නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ.. මුව ආවරණ පළදින්න.!

මේ දිනවල ආසියානු කලාපයේ පැතිරෙමින් පවතින කොවිඩ් (Covid) ප්‍රභේදය මෙරටින් හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.

කොවිඩ් ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.

දිවයින පුරා පිහිටි රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බවද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.

එහෙත් මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ, මෙම කොවිඩ් වෛරසය අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි.

කෙසේ වෙතත් ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments