ආණ්ඩුවේ ලොකු පුටු රැසක් ලඟදීම මහ උළු ගෙදරට.!

අල්ලස්ස දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ වත්මන් ආණ්ඩුව තුළ සිටින ඇතැම් ඉහල පෙළේ දූෂිත නිලධාරීන්ට එරෙහිව ඉතා කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරමින් සිටිනා බවයි.

කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී එම කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්, හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා මේ බව පැවසීය.

රංග දිසානායක මහතා එහිදී දේශපාලනඥයින්ට අවවාදාත්මක ප්‍රකාශයක්ද සිදුකළ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එහි අණපනත් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී වඩා සැලකිලිමත් වන ලෙස හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

එසේම කොමිසම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කළහොත් ඊට අදාලව නඩු පැවරිය හැකි බවද ඔහු පැවසුවේ ලබන 09 වනදා එළි දැක්වීමට නියමිත දුෂණ විරෝධී ජාතික සැලැස්ම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පැවතී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments