වර්ජනයෙන් පසු අනුරාධපුර ශික්ෂණ රෝහලට නව අධ්‍යක්ෂවරයෙක්.!

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පොළොන්නරු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච් .එම් .යු .අයි කරුණාරත්න මහතාව පත් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අද (14) දිනය සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.

මෙතෙක් අනුරාධපුර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වූ වෛද්‍ය ඩී .එම් .එස් සමරවීර මහතා කටයුතු කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණයට ලක් වීමේ සිදුවීමත් සමඟ එම රෝහල් පරිපාලනේ පවතින අර්බුදයක් සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පසුගියදා අනාවරණයක් සිදු කළා.

එහිදී ඔහු චෝදනා කළේ වෛද්‍ය ඩී .එම් .එස් සමරවීර මහතා නියමිත සුදුසුකම් සපිරීමෙන් තොරව දේශපාලන බලය භාවිත කරමින් වසර 14- 15 කට ආසන්න කාලයක් අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති බවයි.

Loading

We are happy to invite you.