2030 ආණ්ඩු බලය අල්ලන “එක්සත් ජාතික සමගි ජන බලවේගය”

පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් ක්සත් ජාතික පක්ෂ මහ ලේක­ම්ව­රිය ලෙස නුදුරු දිනෙක වැඩ භාර ගැනී­මට නිය­මිත තලතා අතු­කෝ­රළ මහ­ත්මිය පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය එක් පක්ෂයක් ලෙස නැවත ප්‍රතිසංධාන වී ප්‍රභල විපක්ෂයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව මේ වනවිට පැන නැගී ඇති බවයි.

එම අරමුණ ඉටු කර ගැනීම සිය අපේක්ෂාව බවත් ඒ හරහා ගොඩනැඟෙනා ප්‍රභල විපක්ෂයෙන් ආණ්ඩු බලය අත්පත් කරගැනීමට හැකිවනු ඇති බවත් අතුකෝරාළ මහත්මිය පවසයි.

එජාප – සජබ එක­මු­තුව ගැන අද ඔබේ අද­හස කුමක්ද ?

“එදා සිට මම විශ්වාස කළා සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය මොන­යම් ක්‍රම­ය­කට හෝ එක් පක්ෂ­යක් විදි­හට, එක් කණ්ඩා­ය­මක් විදි­හට කට­යුතු කළ යුතුයි කියලා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මම උත්සාහ කළේ එවැනි සම­ගි­ය­කින් අපේ කඳ­වුර ජය­ග්‍ර­හ­ණය කර­වී­ම­ටයි.

ඒත්, එදා ඒ උත්සා­හය අපතේ ගියා. මම අදත් උත්සාහ කර­නවා, ප්‍රාර්ථනා කර­නවා, මේ පක්ෂ දෙක නැවත එක දේශ­පා­ලන කණ්ඩා­ය­මක් බවට පත් කිරී­මට. එම­ඟින් අපිට මුලින් ප්‍රබල විප­ක්ෂ­ය­කුත් පසුව ආණ්ඩු­වක් අත්පත් කර ගැනී­ම­ටත් පැහැ­දිලි අව­ස්ථා­වක් තිබෙ­නවා. අනෙක එක්සත් ජාතික පක්ෂ­යට සහ සමගි ජන බල­වේ­ග­යට වෙනස් දේශ­පා­ල­න­යක් කරන්න තරම් හේතු­වක් නැහැ.

අපේ පක්ෂ දෙකේම ප්‍රති­පත්ති ඉතා­මත් සමී­පයි. ගම් මට්ට­මෙන් ගත්තත් අපේ පාක්ෂි­කයෝ සහ සමගි පාක්ෂි­කයෝ ගොඩක් සමීප පිරි­සක්. ඒ නිසා මේ අව­ස්ථාවේ දි රටට ප්‍රබල විපක්ෂ භූමි­කා­වක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා මූලික වශ­යෙන් අපේ පක්ෂ දෙක එකට එක්ව කට­යුතු කිරීම සිදු විය යුතුයි.”

ඒ කියන්නේ රනිල් – සජිත් සන්ධා­න­යක් ද ?

මම පුද්ග­ලයෝ මූලි­කව කතා කරන්නේ නැහැ. අපි දෙපා­ර්ශ්ව­ය­ටම පුළු­වන් යම් එක­ඟ­තා­වට එන්න. ඒකයි වෙන්න ඕනෑ. ඒ එක­ඟ­තාව කුමක්ද, ඒ එක­ඟ­තාව ඇති කර­ගත හැක්කේ කොහො­මද, මොන විදි­හට ද කියන එක සාකච්ඡා මාර්ග­යෙන් විස­ඳා­ගත යුතුයි. සිදු විය යුත්තේ එක­මු­තු­වක් ඇති වීම පම­ණයි.”

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.