By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “Clean sri lanka” වැඩසටහන යටතේ 2025 වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් ව්‍යාපෘති රැසක කටයුතු අප්‍රේල් මාසය අවසන් වනවිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
රට තුළ සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් දීප ව්‍යාප්ත “Clean sri lanka” වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති යෝජනා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතියට සඳහා ඉදිරිපත් කිරීමට එම දෙපාර්තමේන්තුවේ ආකෘති ප්‍රකාරව අදාළ ව්‍යාපෘති යෝජනා සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමේ වැඩමුළුවක් (10) අරලියගහ මන්දිරයේ ලෝටස් ගොඩනැගිල්ලේ පිහිටි “Clean sri lanka” ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.