ල.දු.දේ පුනරුදයට සැරසෙයි.. දුම්රිය මගීන්ටත් සුභ ආරංචියක්.!

දුම්රිය මූලස්ථානයේ දී වැඩ භාරගත් නව දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ධම්මික ජයසුන්දර මහතා පැවසූවේ ආර්ථික අර්බුදයේ බලපෑම සහ දුම්රිය නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ ආදිය මිලදී ගැනීමට නොහැකි වීම දුම්රිය ප්‍රමාදයට ඍජු බලපෑම් ඇතිකර තිබෙනා බවයි.

ඊට අවශ්‍ය උපකරණ කඩිනමින් ලබාගෙන අලුත්වැඩියා කටයුතු සිදුකර දුම්රිය වැඩි ප්‍රමාණයක් ධාවනයට එක්කිරීමට තමා මූලිකව බලාපොරොත්තු වන බවද සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී සාමාන්‍යාධිකාරීවරයා කිය සිටියේ, රටේ ජනතාව සතුටු වන කාර්යක්ෂම සේවයක් ලබාදීමේ වගකීම තමා බාරගන්නා බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවට තවදුරටත් පුද්ගලයන් වැදගත් නැති අතර සේවයෙන් පමණක් ඇගයීම ලැබෙනා බවයි.

‘‘සුනාමියෙන් විනාශ වූ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට වසර දෙකක කාලයක් සහ රුපියල් බිලියන ගණනක් වැය වන බව ප්‍රකාශ කළත් එම මාර්ගය දින පනස් හතකින් නවීකරණය කිරීමට දුම්රිය සේවකයන්ට හැකි වුණා.

වඩාත් දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් තවමත් දෙපාර්තමේන්තුවේ සිටිනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව නොබෝ කලකින් දියුණු කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම් හා උසස් වීම් සම්බන්ධ ගැටලු තියෙනවා. ඒ සම්බන්ධයෙන් නිලධාරීන් හා සාකච්ඡා කර විසඳුම් ගෙන එනවා.

ඒ වගේම දුම්රිය ඉඩම්වල පදිංචි වී සිටින අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් දුම්රිය ආඥා පනතට අනුව ඉදිරියේදී කටයුතු කරනවා’’ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ධම්මික ජයසුන්දර මහතා මින් පෙරද 2021 වසරේ සිට වසරක කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ අතර ඉන් අනතුරුව උසස්වීමක් ලබා මේ දක්වා කටයුතු කළේ ප්‍රවාහනය අමාත්‍යාංශයේ තාක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසයි.

Loading

Tell me 💬
Notify of
guest
14 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.