ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද 44% ඉක්මවයි.!

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවන ලද අන්‍යෝන්‍ය බද්දේ සැබෑ අනුපාතය සියයට 44 ක් නොව, සියයට 54 ක් බව වාර්තා වෙයි.

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා පනවා තිබූ සියයට 10 ක මූලික බද්දට අමතරව නව බදු අනුපාතය ක්‍රියාත්මක වන බැවින් සමස්ත බදු අනුපාතය සියයට 54 ක් බවට පත්ව ඇත.

කෙසේවෙතත් එම නව බදු පැනවීම මේ වනවිට දින 90ක සීමාවක් සඳහා කල් දමා ඇති

මෙම ඉහළ බදු අනුපාතය නිසා මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර රැසකට බලවත් පීඩාවක් සිදුවන බැවින් වැඩෙන ආර්ථිකයට සහනයක් ලෙස මෙම බදු අනුපාතය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කිරීමට විශේෂ දූත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බවද සඳහන් වෙයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments